තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF ණය එද්දී එකඟ වෙන කොන්දේසි ගැන විපක්ෂනායක ප්‍රශ්නකරයි

    IMF ණය එද්දී එකඟ වෙන කොන්දේසි ගැන විපක්ෂනායක ප්‍රශ්නකරයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබාගැනීමේදී ශ්‍රී ලංකාවට එකඟවීමට සිදුවී ඇති කොන්දේසි පිළිබඳ මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ද? එය ක්‍රියාත්මක වන දිනය කවදාද? යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටී.

    මේ වනවිට පාර්ලිමේන්තු සැසිවාර‍යට එක්වෙමින් විපක්ෂනායකවරයා ප්‍රශ්න 19කින් මේ බව විමසීය.

    එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ද මෙහිදී විපක්ෂ නායකවරයා විමසා සිටියේ ය.

    විපක්ෂනායකවරයා ඉදිරිපත් කළ ප්‍රශ්න 19 අතර මුදල් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශ කිහිපයකට අයත් කරුණු බැවින් මේ සතිය තුළ ඊට පිළිතුරු ලබාදෙන බව සභානාය, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී දැන්වීය.

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙලක් සඳහා විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 2.3කට සමාන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක ණය පහසුකමක් ලබා ගැනීමට 2023-2026 කාලය තුළ අයවැය මූල්‍යකරණය සඳහා අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img