තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

    ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

    ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    මෙය මෙරට 15 වැනි ජන හා නිවාස සංගණනයයි.

    මේ වනවිට සංගණනය සඳහා අවශ්‍ය සිතියම් සකස්කර අවසන් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර මහතා සඳහන් කළේ ය.

    එහෙත් ගොඩනැගිලි ලැයිස්තු ගතකිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවද ඔහු පැවසීය.

    මෙරට අවසන්වරට ජන සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේදීය.

    2021 වසරේදී නැවත ජන සංගණනයක් සිදුකිරීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හේතුවෙන් එය පැවැත්විය නොහැකි විය.

    මෙවර සංගණනයේදී පුද්ගලයන්ගේ වයස, සෞඛ්‍ය තත්ත්වය, රැකියාව, පදිංචිය වැනි තොරතුරු ලබාගැනීමට නියමිත බවද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img