සිය අනියම් සම්බන්ධය බිඳ වැටීම හේතුවෙන් සිත්තැවුලට පත්වූ යාපනය ගුරුනගර් හී පදිංචිව සිටි 65 හැවිරිදි සිව් දරු පියෙක් ඊයේ සිය සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇත.
වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියදුරෙක් වන ඔහු 40 හැවිරිදි කාන්තාවක් සමඟ කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි. විවාහක තැනැත්තියක් වන ඇය සතියකට පමණ පෙර ඔහු සමඟ පැවති අනියම් සම්බන්ධය අතහැර දමා තිබෙන බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
ඒ ගැන සිත්තැවුලෙන් ඔහු සියදිවි හානිකරගෙන ඇත්තේ ඇයට ඒ ගැන පවසා බවද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.