තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'IMF සාකච්ඡා සාර්ථක අවසානයකට ඇවිත්' - මුදල් රාජ්‍ය ඇමති

    ‘IMF සාකච්ඡා සාර්ථක අවසානයකට ඇවිත්’ – මුදල් රාජ්‍ය ඇමති

    මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කළ සියළුම සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ගමන් කරමින් පවතින බව මුදල් රාජය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අමෙරිකානු ඩොලර් මිලියන 300ක් වන පළමු ණය මුදල මේ මස අග දී මෙරටට ලැබෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    මුළු ණය පහසුකම වසර 04ක් තුළ ලැබීමට නියමිත ය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (19) අනුරාධපුරයේ දී ඔහු කියාසිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් එහි සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයකටම අවතීරණ වූ බව යි.

    රට තුළ සිදු කර ඇති දුෂ්කර ප්‍රතිසංස්කරණ හමුවේ මහජනතාව කෙසේ හෝ අභියෝගයන්ට මුහුණ දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනට සහයෝගය ලබා දීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සිය ස්තුතිය පිරිනැමීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img