තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන් ටිකට්වල මිල අඩුවෙයි

    ගුවන් ටිකට්වල මිල අඩුවෙයි

    ගුවන් ගමන් ටිකට්පත්වල මිල 20% කින් අඩු කර තිබේ.

    එක්සත් ජනපද ඩොලරයේ අගය පහත වැටීමට සමානුපාතිකව මෙම මිල ගණන් අඩුකිරීමට තීරණය කර ඇත.

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විවිධ ගුවන් සේවා ආයතනවල නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවකදී වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ඉදිරියේදී ගුවන් ප්‍රවේශපත්‍ර මිල තවදුරටත් අඩු කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

    ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, මේ හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යාමට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය වන බවත් එම සාකච්ඡාවලදී සඳහන් විය.

    නුදුරු අනාගතයේ දී නව මගී ගුවන් සේවා 7ක් දිවයිනට පැමිණීමට නියමිත බව ද එම සාකච්ඡාවේදී අනාවරණය කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img