fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාදුරු ඔය රක්ෂිතයේ නටඹුන් රැකගන්න ගෙනා ලක්ෂ ගණනක බඩු අතුරුදන්

    මාදුරු ඔය රක්ෂිතයේ නටඹුන් රැකගන්න ගෙනා ලක්ෂ ගණනක බඩු අතුරුදන්

    මාදුරුඔය රක්ෂිතයේ නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ ඇති නටඹුන් අව් වැසිවලින් ආරක්ෂාකර ගනිමන් ඉදිරි කැණීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආවරණ ඉදිකිරීමට රැගෙනවිත් තිබුණු රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමක් ඇති ජී.අයි. බට සහ රැලි තහඩු තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

    නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ නටඹුන් ආරක්ෂා කිරීමේ වැඩබිමේ තිබී මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ ජී.අයි. බට 165ක් සහ රැලි තහඩු 135කි.

    මෙම සොරකම ගැන පොලීසියට පැමිණිලිකළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහි ව්‍යාපෘති කළමනාකරු පවසා ඇත්තේ පසුගිය ජනවාරි 26 වෙනිදාත් මාර්තු 15 වෙනිදාත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.