තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසාවියට භාරවෙන්න ආ 'බූරුමූණා' මඟදී අත්අඩංගුවට

    උසාවියට භාරවෙන්න ආ ‘බූරුමූණා’ මඟදී අත්අඩංගුවට

    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට පත්ව කටුනායක ගුවන්තොටුපොල පොලිස් ස්ථානයේ රදවා සිටියදී පළාගිය බූරු මූණා නැමැති පාතාලයේ අභිරහස් වෙඩික්කරුව අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට පැමිණෙමින් සිටියදී අද අත්අඩංගුවට ගත්තේය.

    මිනිස් ඝාතන 09කට පමණ පොලීසියට අවශ්‍යව සිටින පාතාලයේ අභිරහස් වෙඩික්කරුවෙක් වූ බූරු මූණා අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණය ආසන්නයේදීමය. ඒ පොලීසියට කල්තියා ලද තොරතුරකට අනුවය.

    කටුනායක ගුවන්තොටුපොල පොලීසිය විසින් පසුගිය පෙබරවාරි 24 වෙනිදා සවස බූරු මූණාව අත්අඩංගුවට ගන්නේ වෙනත් පුද්ගලයෙකුගේ නමින් සකස්කල විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේදීය.ගුවන්ගමන් තහනමකට අනුව ආගමන විගමන නිලධාරීන් විසින් අල්ලා භාරදුන් බූරු මූණාව අත්අඩංගුවටගත් ගුවන්තොටුපොල පොලීසිය ඔහුව සිරමැදිරිය තුළ රදවා නොතබා නිදැල්ලේ රැදෙන්නට ඉඩදී තිබුණි. එයින් ප්‍රයෝජනයගත් ඔහු පළායන්නේ පොලිස් ස්ථානය අසලට පැමිණි මෝටර් රථයක නැගීය.

    එසේ පළාගිය ඔහු අද අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට එමින් සිටියදී අවිස්සාවේල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය වෙත භාරදුන්නේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img