fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"බොහෝඅය රාජ්‍ය හා රටේ මුල්‍ය ප්‍රතිපත්තීන් වැරදියට තේරුම්අරන්"- මහබැංකු අධිපති

    “බොහෝඅය රාජ්‍ය හා රටේ මුල්‍ය ප්‍රතිපත්තීන් වැරදියට තේරුම්අරන්”- මහබැංකු අධිපති

    බොහෝදෙනකු රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වරදවා වටහාගෙන ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    එය එකිනෙකට වෙනස් කාරණා දෙකක් බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් හෙතෙම කියාසිටී. එහිදී බදු ගෙවන්නාගේ බදු මුදල් කෙලෙස වියදම් කළ යුත්තේ ද යන්න පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

    එහිදී රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය ද ඇතුළුව සමස්ත රටේ මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ වගකීම ඇත්තේ මහබැංකුව වෙත බව ද මහබැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දේශනය සහ සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කරමින් මහබැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

    “හුඟක් වෙලාවට මූල්‍ය ප්‍රතිපත්තිය කියන එක වැරදියට තේරුම් අරන් තියෙනවා. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු එකිනෙකට වෙනස් කාරණා දෙකක්. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ Fiscal policy. ඒ කියන්නේ එහි සම්පූර්ණ අධිකාරිය ව්‍යවස්ථාවෙන්ම තියෙන්නෙ පාර්ලිමේන්තුවට. ජනතාව විසින් තෝරා පත්කරන ලද නියෝජිතයන්ගේ ප්‍රධානම වගකීමක් තමයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. රාජ්‍ය මූල්‍ය නැතිනම්, රජයේ මූල්‍ය කියන්නේ බදු ගෙවන්නාගේ මුදල් තත්ත්වය කොහොමද? එය එක එක ආකාරයට වියදම් කරන්නේ කොහොමද? මොනවාටද යොදවන්නේ? කියන එක. එහිදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන එකේ සම්පූර්ණයෙන් බලතල තියෙන්නේ පාර්ලිමේන්තුව සතුව. නමුත් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය monitory policy තියෙන්නේ මහ බැංකුවට. ඒ කියන්නේ මුළු රටේ මූල්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන තැන.

    රටේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළුව මුළු රටේම මුල්‍ය ප්‍රතිපත්තිය. අපි ඔබ හැම දෙනාගේම යම්කිසි financial activities එකක් තියනවනේ. බැංකුවක මුදලක් තැන්පත් කරලා පොලියක් ගන්නවා. එහෙම නැත්නම් ණයක් අරගෙන ඒ ණය ගෙවන්න උත්සහ කරනවා. මුළු රටේම අයට ඒ අයිතිය තියෙනවා. මුළු රටේම කියන එකෙන් රජය කියන්නේ එක stakeholder කෙනෙක් විතරයි. රජයට අයිති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය විතරයි. රටේ මුල්‍ය ප්‍රතිපත්තිය කිව්වම මුළු රටේම මූල්‍ය ප්‍රතිපත්තිය තමයි මහබැංකුවේ වගකීම. එහි වෙනස තේරුම් ගැනීම ඉතාම වැදගත්.” යැයි මහබැංකු අධිපතිවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.