තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සේවා රැසක් අද රටපුරා වර්ජනයක

    සේවා රැසක් අද රටපුරා වර්ජනයක

    සෞඛ්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (15) රට පුරා එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිත ය.

    ඒ රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලිබිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනි.

    වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් මෙම එක්දින වැඩවර්ජනය ප්‍රකාශයට පත්කර ඇත.

    ප්‍රවාහන, වරාය, නැව්තොට, ගමනාගමනය, තැපැල්, විදුලිය අත්‍යවශ්‍ය සේවා බවට සඳහන් කරමින් රජය විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කර ඇති රාජ්‍ය සේවාවන්හි නිරතවන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීම මගින් රටේ පොදු නීතිය කඩකළ හොත් ඉදිරියේදී නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img