තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට කෝච්චි වැඩකරන හැටි

    හෙට කෝච්චි වැඩකරන හැටි

    හෙට පැවැත්වෙන වර්ජනය හමුවේ අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    ඒ අනුව හෙට (15) උදෑසන කාර්යාල හා මගී ප්‍රවාහන පෙරවරු 5.00 සහ පෙරවරු 5.45ට අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක්ද, අලුයම 4.50 සහ 5.50 හලාවත සිට කොළඹ දක්වා දුම්රියන් දෙකක්ද ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

    රඹුක්කන සිට පෙරවරු 5.25 ට හා පෙරවරු 5.57ට දුම්රියන් දෙකක්ද, ගනේවත්තෙන් අලුයම 3.55, මහවින් පෙරවරු 4.45 සහ මහනුවරින් පෙරවරු 5.00 ට ත් කොළඹ දක්වා දුම්රිය ධාවනය සැලසුම් කර තිබේ.

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට අලුයම 4.15ට, ගාල්ල සිට පෙරවරු 5.00ට, අලුත්ගම සිට පෙරවරු 6.00ට සහ දකුණු කලුතර සිට පෙරවරු 7.00 ට කොළඹ දක්වා දුම්රිය ගමන්වාර සිදු කිරිමට නියමිත බවද අදාළ නිවේදනයේ සඳහන්.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img