fbpx
තවත්
    මුල් පිටුවGOSSIPඔස්කාර් උළෙලේදී පළමු වරට ඉන්දියානු චිත්‍රපට ගීතයකට සම්මානයක්‍‍ (🎥)

    ඔස්කාර් උළෙලේදී පළමු වරට ඉන්දියානු චිත්‍රපට ගීතයකට සම්මානයක්‍‍ (🎥)

    ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපට ගීතය බවට පත්වෙමින් තෙළිඟු භාෂිත චිත්‍රපටයක් වන RRR හි Naatu Naatu ගීතය ඉතිහාසගත වෙයි.

    මේ වන විට ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී පැවැත්වෙන 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී  මෙලෙස හොඳම සිනමා ගීතයට සම්මාන දිනාගත්තේ RRR නමැති ඉන්දියානු සිනමාපටයේ ගීතයකි.

    ලෝක ප්‍රකට ලේඩි ගාගා සහ රිහානා ගායනා කළ ගීත ද අභිබවමින් මෙම ගීතය සම්මානයට පාත්‍ර වී ඇත.

    ඔස්කාර් උළෙලේදී

    දක්ෂ සංගීතඥයකු වන එම් එම් කීරවානි සම්මානය පිළිගනිමින් පැවසුවේ මෙම ගීතය ‘සෑම ඉන්දියානුවෙකුගේම අභිමානය’ බවයි.

    උත්සවයට පැමිණි විට, Naatu Naatu හි ගායකයෙකු වන Kaala Bhairava, මාධ්‍යට වෙත පැවසුවේ, එම ගීතය ‘නිජබිමේ මුල් බැසගත්තක්’ නිසා එය සම්මානයට සුදුසු බවයි.

    ‘ඔස්කාර් සම්මාන උළෙලේ ලස්සනම කොටස මෙන්න මේකයි. ලොව පුරා සිටින මිනිසුන් එකට එකතු වී සිටින තැනක, තමන්ගේ සංස්කෘතිය සහ තම කලා කෘතීන් නියෝජනය කරමින් වෙනත් රටවල සහ ප්‍රජාවන්ගේ ඇගයීමට ලක්වීම’ යැයි ද ඔහු පැවසීය.

    ඔස්කාර් උළෙලේදී මෙවර සම්මාන ලැබූ ජයග්‍රාහී නිර්මාණ කිහිපයක් පහතින්.

    BEST PICTURE
    “Everything Everywhere All at Once” *WINNER

    ACTRESS IN A SUPPORTING ROLE
    Jamie Lee Curtis, “Everything Everywhere All at Once” *WINNER

    ACTOR IN A SUPPORTING ROLE
    Ke Huy Quan, “Everything Everywhere All at Once” *WINNER

    INTERNATIONAL FEATURE FILM
    All Quiet on the Western Front,” Germany *WINNER

    DOCUMENTARY (SHORT)
    “The Elephant Whisperers” *WINNER

    DOCUMENTARY FEATURE
    “Navalny” *WINNER

    ORIGINAL SONG
    “Naatu Naatu” from “RRR” *WINNER

    ANIMATED FEATURE FILM
    “Guillermo del Toro’s Pinocchio” *WINNER

    ADAPTED SCREENPLAY
    “Women Talking” *WINNER

    ORIGINAL SCREENPLAY
    “Everything Everywhere All at Once” *WINNER

    ACTOR IN A LEADING ROLE
    Brendan Fraser, “The Whale” *WINNER

    ACTRESS IN A LEADING ROLE
    Michelle Yeoh, “Everything Everywhere All at Once” *WINNER

    DIRECTOR
    Daniel Scheinert and Daniel Kwan, “Everything Everywhere All at Once” *WINNER

    PRODUCTION DESIGN
    “All Quiet on the Western Front” *WINNER

    CINEMATOGRAPHY
    “All Quiet on the Western Front” *WINNER

    COSTUME DESIGN
    “Black Panther: Wakanda Forever” *WINNER

    ANIMATED SHORT FILM
    “The Boy, the Mole, the Fox and the Horse” *WINNER

    LIVE ACTION SHORT FILM
    “An Irish Goodbye” *WINNER

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.