තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාගම වෛද්‍යපීඨයේ ලොක්කෙක්ගේ නිවසක් හොරු බිඳී

    රාගම වෛද්‍යපීඨයේ ලොක්කෙක්ගේ නිවසක් හොරු බිඳී

    රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්.කේ. ගුණවර්ධන මහතාගේ ගලහා ගුරුකුලේ නිල්ලඹ පිහිටි නිවස බිඳ රෙදි සෝදන යන්ත්‍රයක් ඇතුළු මුළුතැන්ගෙයි තිබුණු දේපොල සොරා ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය ජනවාරි 27 වෙනිදාත් මාර්තු 10 වෙනිදාත් අතර කාලය තුළ බව මහාචාර්යවරයා විසින් කළ පැමිණිල්ලෙහි සඳහන්ව තිබේ. මේ කාලය තුළ මහාචාර්යවරයා හෝ පවුලේ කිසිවෙක් නිවසේ රැදී සිට නැත.

    නිවසේ ජනේලයක් බිද නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුව ඇති අයුරු මහාචාර්යවරයා දැක ඇත්තේ ඊයේ (10) ඔහු උදෑසන නිවසට පැමිණි අවස්ථාවේදීය. මේ ගැන මහාචාර්යවරයා පොලීසියට පැමිණිලිකර ඇත්තේ ද ඊයේය.

    මෙම පැමිණිල්ල ලැබී පැය කිහිපයක් ඇතුලත පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. සොරාගත් භාණ්ඩ එම සැකකරුවන්ගේ නිවෙස්වල තිබි සොයාගෙන ඇත.

    මෙම සැකකරුවන් අතර සිටින එක් අයෙක් හෝටල් සේවකයෙක් බවත් අනෙත් සැකකරු කුලීකරුවෙක් බවත් පොලීසිය කියයි. මේ සැකකරුවන් දෙදෙනාම මහාචාර්යවරයාගේ අසල්වැසියන් බවද පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img