සිය මිත්තණියගේ මුහුණට මිරිස්කුඩු ගසා දෑත් බැද ඇයව ඝාතනයකරමින් ඇය සතුව තිබුණු රුපියල් 4340ක මුදලක් කොල්ලකෑ මුණුබුරෙකුව පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මුදල් තිබී ඇත්තේ ඇගේ ඉනෙහි පොලිතින් කවරයක දමා සඟවාගෙනය.
මෙසේ ඝාතනය කර ඇත්තේ කේ.ජී. කමලාවතී (87) නැමැති කාන්තාවකි. ඇය තල්ගස්වල පදිංචි කරුවෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ මුණුබුරා වන කේ..ජී.ආර්.එන්. චින්තක (25) නැමැති මුණුබුරාව පොලීසිය අත්අඅඩංගුවට ගෙන ඇත.