විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමඟ මෙතෙක් පැවති වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් වන ගිවිසුමෙන් ඉවත් වීමට රජය සැරසෙයි.
ඒ අනුව එම ආයතන දෙකෙහි වෘත්තිය සමිති සමඟ පවතින වසර 03 කට වරක් 25% කින් වැටුප් වැඩිවන, වාර්ෂික ප්‍රසාද දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම් පිළිබඳ වන සාමූහික ගිවිසුමෙන් මෙලෙස ඉවත්වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
එම ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස තමා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍යවරයා කියාසිටී.