තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සීතල යුද මානසිකත්වය අත්හරින්නැයි චීනය ඉල්ලයි

    සීතල යුද මානසිකත්වය අත්හරින්නැයි චීනය ඉල්ලයි

     
    සීතල යුද මානසිකත්වය අත්හරින ලෙසට චීනය ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටී.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (9) පැවති අමාත්‍යංශ නිත්‍ය මාධ්‍ය හමුවේ දී AUKUS න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව පිළිබඳව වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    එම සහයෝගිතාව න්‍යෂ්ටික ව්‍යාප්තිය පිළිබඳ අවදානමක් ගොඩනගන අතර, චීනය අවස්ථා ගණනක දී ඊට විරෝධය පළ කර ඇති බව ද Mao Ning මහත්මිය මෙහිදී කියාසිටියාය. එමගින් හමුදා තරගකාරීත්වයට උත්තේජනයක් සැපයෙන බවත්, ආසියා- ශාන්තිකර කලාපයේ සාමය හා ස්ථාවරත්වයට එය හානිකර බවත් ඇය පෙන්වාදෙයි. ජාත්‍යන්තර සමාජයේ පොදු විරෝධයට ලක්ව ඇති එම සීතල යුද මානසිකත්වයෙන් බැහැරව, කලාපීය සාමය සහ ස්ථාවරත්වයට හිතකර දෑ පමණක් ඉටුකරන්නැයි ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවෙන් චීනය ඉල්ලා සිටින බව ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img