තවත්
    මුල් පිටුවspecialලැට්වියාවේ බීමත් රියැදුරන් පැදවූ කාර් යුක්‍රේන හමුදාවට

    ලැට්වියාවේ බීමත් රියැදුරන් පැදවූ කාර් යුක්‍රේන හමුදාවට

    ලැට්වියාව විසින් අත්පත් කරගත් එරට බීමත් පුද්ගලයින් ධාවනය කළ මොටර් රථ යුක්‍රේන හමුදාවට සහ රෝහලව් වෙත යැවීමට තීරණය කර ඇත.

    ඒ අනුව මේවන විට ලැට්වියා රජය විසින් මෝටර් රථ යුක්‍රේනය වෙත ලබාදීම ආරම්භ කර ඇති බවත් ඉකුත් බදාදා පළමු මොටර් රථ තොගය ප්‍රවාශනය ආරම්භ කර ඇති බවද වාර්තාවිය.

    පසුගිය කාලයේදී ලැට්වියා රජය විසින් එරට බීමත් රියැදුරන් ධාවනය කරනු ලබන මෝටර් රථ අත්පත් කරගැනීම සිදුකළ අතර පසුව එලෙස අතපත් කරගත් මෝටර් රථ තබා ගැනීමට ප්‍රමාණවත් භූමියක් නොමැති විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස මොටර් රථ යුක්‍රේනයට ලබා දීමට පියවර ගෙන තිබිණි.

    ගතවූ මාස දෙකක කාලය තුලදී රුධිරයේ මධ්‍යසාර මට්ටම සම්මත මට්ටමට ඉහළින් ඇති රියැදුරන් ධාවනය කළ මෝටර් රථ දෙසීයක් පමණ රජය භාරයට ගෙන ඇත. එම සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක ඉහළ යාමක් බවත් ලක්ෂ දහනවයක ජනතාවක් සිටින බෝලටික් රාජයේ නිලධාරීන් පෙන්වා දෙයි.

    “බීමත් රියදුරන් විසින් මෝටර් රථ කීයක් ධාවනය කරනවාද යන්න ඔබට වැටහෙන විට එය ඇත්තෙන්ම ඉතා බියජනකයි,” ඒ අනුව යුක්‍රේනයට මොටර් රථ ලබාදීමේ වැඩසටහෙන් නිර්මාතෘ රෙයිනිස් පොස්නැක්ස් පැවසීය.

    යුක්රේනයට යැවීම සඳහා සෑම සතියකම රාජසන්තක කරන ලද කාර් විස්සකට අධික සංඛ්‍යාවක් යෑවීමටද ලැට්වියා රජය බලාපොරොත්තු වන බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img