තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට රැකියා සිහින පෙන්වූ වංචනිකයන්ට ලක්ෂ 126ක් දඩ

    රට රැකියා සිහින පෙන්වූ වංචනිකයන්ට ලක්ෂ 126ක් දඩ

    රට රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබාගැනීම ඇතුළු නීතිවිරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනා මත පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාස තුළ ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 173 ක් විභාග කර ඇත.

    විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස 2 තුළ එහි විශේෂ විමර්ශන අංශය මෙම වැටලීම් සිදු කළ බවයි.

    විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ එහිදී පැමිණිලිකරුවන් වෙත අයකරදී ඇති දඩ මුදල, රුපියල් ලක්ෂ 126 කට අධික බවයි.

    විදේශ රැකියා ලබා ගැනීම සඳහා නීතිවිරෝධි ආයතනවලට සහ අතරමැදී තැරැව්කරුවන්ට මුදල් ලබා දීමෙන් වළකින්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.

    එවැනි පුද්ගලයින් පිළිබඳ පැමිණිලි, 0112 86 42 41 යන දුරකතන අංකයට දැනුම් දිය හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img