fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවට චීනයෙන් අනතුරු ඇඟවීමක්

    ඇමරිකාවට චීනයෙන් අනතුරු ඇඟවීමක්

    චීන විදේශ අමාත්‍ය චින් ගන්ග් අද දින ඇමරිකා එක්සත් ජනපදය සහ චීන ගැටුමක් කරගා ගමන් කරමින් සිටින බවට විශේෂ අනතුරු ඇඟවිමක් කළේය.

    විදේශ අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍ය ගන්ග් මේබව සඳහන් කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් මේවන විට චීනය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති වෙනස් නොකරන්නේ නම් දෙරට අතර ගැටුමක් ඇති වීම වැලැක්විය නොහැකි බවයි.

    එහිදී චීන විදේශ අමාත්‍යවරයා චීනය වෙතින් මින් පෙර නොදුටු දැඩි රළු ස්භාවයකින් කටයුතු කරන බවට පෙන්නුම් කළ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙහිදී චීන විදේශ ප්‍රතිපත්තිය වඩාත් මධ්‍යස්ත සහ සාමකාමී වනු ඇති බවට කළ පුරෝකථන සිල්ල බිඳ හෙළීම විශේෂත්වය.

    වොෂින්ටන් පාලනය විසින් අනුගමනය කරනු ලබන චීන ප්‍රතිපත්තිය “තාර්කික සහ වඩා යහපත් මාර්ගයෙන් මුළුමනින්ම බැහැර වී ඇත” යනුවෙන්ද විදේශ අමාත්‍ය ගන්ග් මාධ්‍ය වෙත පෙන්වා දුන්නේය.

    “එක්සත් ජනපදය තම දැඩි ප්‍රකෝපකාරී ප්‍රතිපත්ති අවම කිරීමේ වැලකී තවදුරටත් වැරදි මාවතේ වේගයෙන් ගමන් කරන්නේ නම්, කිසිදු ආකාරයකින් නිසැකවම ගැටුමක් හා ගැටුමක් ඇති වීම වැලැක්වීමට නෙැහකි වනු ඇත,” යනුවෙන්ද විදේශ අමාත්‍යවරයා පැවසීය.
    චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඉකුත්දා චීන ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය තවදුරටත් තහවුරු කිරීමක් ලෙසද විදේස් මාධ්‍ය විසින් නම්කර තිබිණි.

    මෙවැනි තත්ත්වයක් මත චීනය ගෝලීය බලතුලනයට දැඩි බලපෑමක් වනු ඇත. එහිදී ඔවුන් දකුණු චීන මුහුද සහ තායිවානය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිද විශාල බලපෑමක් එල්ල කරනු ඇත. මේ අතර චීනය විසින් පසුගිය කාලයේදී සිය යුද ශක්තිය වර්ධනය කරගැනීමටද දැඩි ලෙස උනන්දු විය.

    එහිදී ඔවුන් ලොව විශාලතම නාවික හමුදාව තමන් සතු කරගැනීමත් නවීන ගුවන්යානා ප්‍රවාහක නෞකා ඉදිකිරීමටත් පියවර ගෙන තිබිණි. මෙවැනි තත්ත්වයකදී ඉදිරි කාලය ගෝලීය බලතුලනයට දැඩි බලපෑමක් එල්ලවිය හැක.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.