fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු 10 වසරකදී ඩොලර් කෝටි 4000ක් හොරට රටින් පිටකරලා

    ගෙවුණු 10 වසරකදී ඩොලර් කෝටි 4000ක් හොරට රටින් පිටකරලා

    මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස ආනයන අපනයන භාණ්ඩවල දත්ත වැරදි ලෙස හුවා දක්වමින් ව්‍යාජ ඉන්වොයිසි (invoice) හරහා ඉකුත් වසර දහයක පමණ කාලය තුළදී රටින් පිට කර ඇති ධනස්කන්ධයේ වටිනාකම අමෙරිකානු ඩොලර් කෝටි 4000කට අධික යැයි වොෂින්ටන් නගරයේ පිහිටි Global Finance Integrity ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

    එම ධනස්කන්ධයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි දාහතර ලක්ෂයක් පමණ වන බවද කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යන ආවරණය විය.

    වොෂින්ටන් නගරයේ පිහිටි මෙම ආයතනය මගින් 2021 දෙසැම්බර් මාසයේදී ලොව රටවල් 134ක් සම්බන්ධයෙන් එම පර්යේෂණ වාර්තාව නිකුත් කර තිබෙන බව කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවති එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ මහතා ප්‍රකාශ කළේය.

    එම වාර්තාවට අනුව ඉකුත් 2018 වසරේ සිට 2019 කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවෙන් එම අති විශාල ධනස්කන්ධය ඩොලර් ලෙස පිටමංව තිබෙන බවද ඔහු කීවේය.

    මෙරට ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් භාණ්ඩ ආනයනයේදී සැබෑ ආනයන අපනයන වටිනාකම්වලට වඩා වෙනස් අගයන් එකතු කර ව්‍යාජ ලෙස ඉන්වොයිසි සකසා අයුතු ලාභ ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා මෙවැනි විශාල ඩොලර් ධනස්කන්ධයක් වාර්ෂිකව රටින් පිටමං වන බව ද ඔහු සඳහන් කළේය.

    බදු ගෙවීම පැහැර හැරීම සඳහාත් ලාභය වසන් කිරීම සඳහාත් මෙවැනි ව්‍යාජ ලේඛන සකස් කර ආනයන අපනයන වෙළඳාමේ යෙදෙන නිසා එම ඩොලර් රටට අහිමි වන බව පවසන දනුෂ පතිරණ මහතා කීවේ ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි නීති පනවා එම තත්ත්වයන් මඟ හැරීමට කටයුතු කළ යුතු බවයි.

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය මුදල මෙන් දස ගුණයක් මෙලෙස රටින් ඩොලර් ලෙස පිටමංව තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.