තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැරියකට අතවර කළ විදුහල්පති රිමාන්ඩ්

    දැරියකට අතවර කළ විදුහල්පති රිමාන්ඩ්

    වයස අවුරුදු 11ක දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමක් සම්බන්ධයෙන් පින්නවල පුදුකාඩුව දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාව බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

    මෙම විදුහල්පතිවරයා විසින් අපයෝජනය කලේ යැයි කියැවෙන්නේ ඇල්ලේඅරාව, හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියෙකි.

    බලංගොඩ පොලීසිය පවසනුයේ මෙම දැරිවියව ඔහු විසින් නීත්‍යානූකූල භාරකාරත්වයෙන් අපහරණයකර මෙම අපරාධයකර ඇති බවය.

    ළමා උපකාරක සේවයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    මෙම විදුහල්පතිවරයා බලංගොඩ ඇල්ලේඅරාවේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

    මෙම අපයෝජන සිදුවීම මුල්කරගෙන විදුහල්පතිවරයාව විනය පරීක්ෂණයකට යටත්කරමින් පසුගිය දා බලංගොඩ සී.සී. දෙමළ විද්‍යාලයටද තාවකාලිකව මාරුකර තිබුණි. ඒ සම්බන්ධයෙන් සී. සී.දෙමළ විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පසුගිය 27 වෙනිදා විදයාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙමින් ඔහුව එම විද්‍යාලයට අනුයුක්තකර නොතබන ලෙසට අධ්‍යාපන බලධාරීන්ට බලපෑමක්ද කරනු ලැබීය.

    ළමා උපකාරක සේවයට ලද පැමිණිල්ලකට අනුව මෙම විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගනු ලබන්නේ එම උද්ඝෝෂණයෙන් පසුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img