තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ප්‍රහාරයේ වන්දි නඩුවෙන් ජනපති නිදහස් - මෛත්‍රී එහෙමමයි

    පාස්කු ප්‍රහාරයේ වන්දි නඩුවෙන් ජනපති නිදහස් – මෛත්‍රී එහෙමමයි

    පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ සහ තුවාල ලැබූ වින්දිතයන් 109 දෙනකු ගොනුකර තිබූ වන්දි නඩුවල වගඋත්තරකාරභාවයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කර තිබේ.

    ආණ්ඩු ක්‍රම ව්‍යාවථාවේ 35(1) වගන්තිය යටතේ ජනාධිපති ධූරය දරණ පුද්ගලයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකිය. මෙම නඩුවේ දෙවැනි වගඋත්තරකරු වශයෙන් නම් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ජනාධිපතිවරයා බැවින් ජනපති කාලසීමාව තුළ ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බව අධිකරණයට නිරීක්ෂණය වී ඇත.

    කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධූරය අවසන් වූ පසු අධිකරණයේ අවසරය මත එම නඩුවල වගඋත්තරකරු ලෙස යළි නම් කර නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවසරය පැමිණිල්ලට පවතින බවද එම නියෝගය මගින් පෙන්වා දී තිබේ.

    පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන්, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සිය වගකීම හා රාජකාරිය පැහැර හැරිම තුළින් තමන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වු බව සඳහන් කරමින් ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 100 සිට වන්දි අයකර දෙන්නැයි ඉල්ලා වින්දිතයින් 109 දෙනකු විසින් මෙම නඩුකර ගොනුකර තිබුණි.

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇති ඉල්ලීමට අනුව ඔහු එම නඩුවල වගඋත්තරකාර භාවයෙන් ඉවත් කළ නොහැකි බව පෙන්වා දුන් කොළඹ දිසා අධිකරණය මුක්තිය හිමිවන්නේ පුද්ගලයාට නොව ජනාධිපති ධූරයට පමණක් බව සඳහන් කර ඇත.

    මෙම නඩුව යළි සළකා බැලීම ලබන මැයි 31 දක්වා කල් දමා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img