තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ මාසයේ ආහාර උද්ධමනය පහළ යද්දී ආහාර-නොවන මිලගණන් ඉහළ ගිහින්

    මේ මාසයේ ආහාර උද්ධමනය පහළ යද්දී ආහාර-නොවන මිලගණන් ඉහළ ගිහින්

    අදින් අවසන් වන පෙබරවාරි මාසය තුළ මෙරට ආහාරවල උද්ධමනය පසුගිය මාසයට වඩා පහළ යද්දී ආහාර නොවන භාණ්ඩවල උද්ධමනය ඉහළ ගොස් තිබේ.

    පෙබරවාරි මාසයේ ආහාර උද්ධමනය වාර්තා වී ඇත්තේ 54.4%ක් ලෙසයි. එය පසුගිය මාසයේ පැවතියේ 60.0%ක් ලෙස ය.

    ආහාර නොවන භාණ්වල මිල පෙබරවාරි මාසයේදී 48.8%ක් ලෙස ඉහළ ගොස් ඇත්තේ ජනවාරි මාසයේ පැවති 47.9%ක උද්ධමන අගය අභිබවා යමිනි.

    නිවාස, ජලය, විදුලිය, ගෑස් උද්ධමන අගය පෙබරවාරියේ 24.3%ක් ලෙස ඉහළ ගොස් ඇති අතර එය ජනවාරියේදී 20.7%ක අගයක පැවතිණ.

    මේ මාසයේදී ප්‍රවාහන උද්ධමන අගය 92.7%ක් ලෙස පහත බැස ඇත්තේ ජනවාරියේ දී පැවති 94.5%ක අගයයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img