තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංගමට විදුලියෙන් දුවන බස්

    ලංගමට විදුලියෙන් දුවන බස්

    කොළඹ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය‍ සඳහා ආරෝපිත විදුලිකෝෂ මඟින් ක්‍රියාත්මක බස්රථ ධාවනයට යෙදවීමට රජයේ අවධානය යොමුව තිබේ.

    ඒ වෙනුවෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

    ඊට පෙර මෙම ව්‍යාපෘතිය සාර්ථක හෝ අසාර්ථකභාවය පිළිබඳ සොයාබැලීම සඳහා විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් මත පදනම්ව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී ඇත.

    ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනය සඳහා වැය වන පිරිවැය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය උපයෝගි කර ගෙන ධාවනය කළ හැකි බස් රථ හඳුන්වා දීම යෝග්‍ය බවට පෙනී යාම හේතුවෙන් මේ පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img