fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාම වැටුප් ක්‍රමයට වෙනසක් - අරමුදල පිහිටුවන්න පනතක්

    විශ්‍රාම වැටුප් ක්‍රමයට වෙනසක් – අරමුදල පිහිටුවන්න පනතක්

    ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල නමින් අරමුදලක් ස්ථාපිත කිරීමට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ විශ්‍රාම දිවිය සඳහා යම් ප්‍රතිලාභයක් සමඟ විශ්‍රාම වැටුපක් ලබා දීමටත්, විශ්‍රාමිකයාට රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් සහතික කිරීමටත් හැකි වන පරිදි ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල නමින් අරමුදලක් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, රාජ්‍ය සේවකයෙකු රාජ්‍ය සේවයට බැඳීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් 8%ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12%ක් මාසිකව යෝජිත අරමුදලට බැර කළ යුතු වේ.

    යෝජිත දායකත්ව විශ්‍රාම අරමුදල කළමනාකරණය කිරීම පිණිස කළමනාකරණ මණ්ඩලය මඟින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිට වනු ලබන අතර අරමුදල් කළමනාකරණය සඳහා විශේෂ සුදුසුකම් සහිත අරමුදල් කළමනාකරුවෙකු පත් කරනු ලැබේ.

    යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවා ගනු ලබන රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වනු ඇත.

    එමෙන්ම, 2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සේවකයින් රජය විසින් තීරණය කරනු ලබන විශ්‍රාම වැටුප් ක්‍රමයකට යටත් විය යුතු බවට වන විධිවිධාන ඔවුන්ගේ පත්වීම් ලිපිවල ඇතුළත් බැවින්, තම අභිමතය පරිදි යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ වීමට ඔවුන්ට ද හැකි වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.