මෙරට ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා සඳහා අවශ්‍ය ජෙට් ඒ-1 ඉන්ධන සැපයීම සඳහා වන විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇති බව රජය පවසයි.
ගුවන් යානා සඳහා යොදා ගනු ලබන ජෙට් ඒ-1 ඉන්ධන සැපයීම දැනට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබයි.
වර්තමානයේදී රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජෙට් ඒ-1 ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අඩපණ වී තිබේ.
එමෙන්ම ජෙට් ඒ-1 ඉන්ධන ආනයනය කිරීම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අභියෝගාත්මක කාර්යයක් බවට පත්වීමත් හේතුවෙන් භාණ්ඩ හා මගී ගුවන්සේවාවන් සඳහා අවශ්‍ය ජෙට් ඒ-1 ඉන්ධන සැපයීම සහතික කිරීමට අපොහොසත් වී ඇත.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ නිපදවනු ලබන ජෙට් ඒ-1 ඉන්ධන ගුවන් යානා සඳහා ලබා දීමට බාධාවක් නොවන පරිදි වෙනත් රටවල ගුවන්සේවා වෙත ජෙට් ඒ-1 ඉන්ධන සපයනු ලබන පාර්ශ්වයන් වෙත උපරිම සැපයීම් සීමාවන් යටතේ මෙරටට ජෙට් ඒ-1 ඉන්ධන සැපයීමට අවස්ථාව ලබා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බව රජය කිියයි.
ඒ අනුව, ජෙට් ඒ-1 ඉන්ධන සැපයීමේ හැකියාව ඇති වෙනත් පාර්ශ්වයන්ට ඒ සඳහා වෙළෙඳපොළ අවස්ථාවන් ලබා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.