තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වන අලියාට තැබූ වෙඩිල්ලෙන් කතක් රෝහලේ

    වන අලියාට තැබූ වෙඩිල්ලෙන් කතක් රෝහලේ

    ගම්වැදුණු වන අලියෙක් පලවා හැරීමට තැබූ වෙඩිල්ලක් වැදුණු කාන්තාවක් පොලොන්නරුව රෝහලට ඇතුලත්කර ඇත.

    දම්මින්න කන්දේගම පදිංචිකාරියක් වූ ටී.එම්.රූපමාලිනී (52) නැමැති කාන්තාව මෙසේ වෙඩි වැදී රෝහල්ගතකර තිබේ.

    මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුව වෙඩි තැබීමට යොදාගත් දේශීය වශයෙන් නිෂ්පාදිත කොටන තුවක්කුවක් සමඟ අත්අඩංගුවටගත් බව අරලගංවිල පොලීසිය සඳහන් කළේය.

    ආර්.එම්. ගුණරත්න (58) නැමැති මෙම පුද්ගලයා ගොවිතැන් කටයුතුකරන පුද්ගලයෙකි. ඊයේ (26) අලුයම වන අලියෙක් ගම්වැදී වගා බිම් හානිකරමින් සිටියදී ගම්වැසියන් අලියා පලවා හැරීමට රතිඤ්ඤා දල්වා ඇත. එම ශබ්දයට සිය නිවසේ දොර විවරකරගෙන එළියට බසින විටදීම අලියාට තැබූ වෙඩිල්ල මෙම කාන්තාවට වැදී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img