තවත්
    මුල් පිටුවspecialප්ලාස්ටික් සැත්කම් පිහිටෙන් නීතියෙන් ගැලවෙන ජාවාරම්කරුවෙක්

    ප්ලාස්ටික් සැත්කම් පිහිටෙන් නීතියෙන් ගැලවෙන ජාවාරම්කරුවෙක්

    තායිලන්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් කොරියන් ජාතිකයෙකු ලෙස පෙනි සිටීම සඳහා ප්ලාස්ටික් සැත්කම් කීපකයකටම භාජනය වී සිය ස්වරූපය වෙනස් කරගනිමින් නීතියෙන් ගැලවි සිටිීමට සමත්ව තිබේ.

    එරට ආරක්ෂක අංශ පවසන අන්දමට Saharat Sawangjaeng නැමති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා Seong Jimin යන අන්වර්ථ නාමයෙන් පෙනි සිට ඇති බවට අනාවරණය වේ. 25 හැවරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් මාස තුනකට අධික කාලයක් සාර්ථක ආරක්ෂක අංශ මඟ හැර සිටීමට සමත්ව ඇත.

    තායිලන්ත පොලිසිය පවසන අන්දමට අදාල පුද්ගලයොගේ පෙර පැවති මුහුණ හඳුනා ගැනීමට හැකි කිසිඳු ලකුණක් ඉතිරිව නොතිබිනි. ඒ අනුව පොලිසිය විසින් අනෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බැංකොක් නගරයේ ක්‍රියාත්මක අනෙකුත් මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් ලුහුබැදීමෙන් අනතුවරු හැඩරුව වෙනස් කරගත් ජාවාරම්කරුවා සොයා ගැනීමට සමත්ව ඇත.

    සාක්ෂිකරුවන් ඔහුව පොලිසියට විස්තර කළේ “කඩවසම් කොරියානු මිනිසෙකු” ලෙසය. ඔහු තම නම ද කොරියානු නමකට වෙනස් කර ගෙන තිබුණි. පොලිසිය විසින් ලබා දුන් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ වීඩියෝවක ජාවාරම්කරුවා කියා සිටියේ තමාට දකුණු කොරියාවට යාමට අවශ්‍ය බවත් තමන්ට නව ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍යයි බවත් තමාට තායිලන්තය එපා වී ඇති බවත්ය.

    නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙම තැනැත්තාට චෝදනා එල්ල වී තිබේ. ක්‍රිප්ටෝ මුදල් යොදා ගෙන මත්ද්‍රව්‍ය ඇණවුම් කළ බව ඔහු පිළිගත් බව පොලිසිය ප්‍රකාශ කළේය.

    මෙම තැනැත්තා මීට පෙරද අවස්ථා තුනකදී අත්අඩංගුවට පත්ව ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවෙන් නිදහස් වීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img