fbpx
තවත්
    මුල් පිටුවspecialයුක්‍රේන-චීන ජනපතිවරු විශේෂ හමුවකට සැරසෙති

    යුක්‍රේන-චීන ජනපතිවරු විශේෂ හමුවකට සැරසෙති

    යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තමන් චින ජනාධිපති ෂී ජින්පින් හමුවී විශේෂ සාම සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසීය.

    යුක්‍රේන අගනුවර වූ කිව් හිදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති සෙලෙන්ස්කි සිය අපේක්ෂාව දැණුම් දුන් අතර එහිදී චීන ජනාධිපතිවරයා සමඟ රුසියානු ආක්‍රමණය අවසන් කිරීමට අදාල කරුණු රැසක් සාකච්ඡා කිරීමට බලාපොරෝත්තු වන බවද ප්‍රකාශ කලේය.

    ″චීන විසින් රුසියාවට ආයුද ලබා නොදන බවට අපි වගබලා ගතයුතුයි. ඒ වගේම මෙම ගැටුම් අවසන් කරන ලෙසට චිනයත් මතක් දැරීමත් අත්‍යාවශ්‍ය කරුනක් ඒ නිසයි මම මේ හමුව පවත්වන්නේ″ යනුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයා පැවසීය.
    එහිදී යුක්‍රේනය සිය රාජ්‍ය තාන්ත්‍රකි සම්බන්ධතා වර්ධනය කර ගැනීමට තවදුරටත් කටයුතු කළයුතු බවත් අප්‍රිකානු කළාපයේ සිය මිත්‍ර රටවල් වර්ධනය කර ගැනීමට කටයුතු කළයුතු බවද හෙතෙම පැවසීය.

    මේ අතර චීනය විසින් රුසියාවෙන් සටන් විරාමයක් සඳහා යොමුවන ලෙසට ඉල්ලීමක් කර ඇති අතර ඊට අදාල ලිපියක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී චීන විදේශ අමාත්‍යංශය විසින් කරුණු 12කින් යුතු ලේඛණයක් නිකුත් කළේය.

    මෙහිදී චීනය විසින් රුසියාව විසින් යුක්‍රේනයෙන් සිය හමුදාවන් ඉවත් කළයුතු බවට නිෂ්චිතව සඳහන් කර නොමැති අතරම බටහිර රාජ්‍යන් විසින් රුසියාවට පනවා ඇති දැඩි ආර්ථික සම්බාධක ඉවත් කිරීමට පියවර ගතුයුත බවට සඳහන් කර තිබීම විශේෂත්වයකි.
    මේ අතර චීන ජනාධිපතිවරයා විසින් තවමත් යුක්‍රේන ජනාධිපතිවරයගේ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

    ඒසේම මෙම සතිය මුලදී, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ බීජිං පාලනය විසින් රුසියාවට ආයුධ සහ පතොරම් සැපයීම ගැන සලකා බලමින් සිටින බවයි. කෙසේවෙතත් එය බීජිං පාලනය විසින් තරයේ ප්‍රතික්ෂේප කළේය. මේ අතර සිකුරාදා, ඇමරිකානු මාධ්‍ය නැවතත් වාර්තා කළේ චීන රජය ඩ්‍රෝන යානා සහ කාලතුවක්කු උණ්ඩ මොස්කව් වෙත යැවීමට සලකා බලමින් සිටින බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.