තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්CID වෙසින් අ'පුර ව්‍යාපාරිකයෙකුගේ කාරය කොල්ලකාලා

    CID වෙසින් අ’පුර ව්‍යාපාරිකයෙකුගේ කාරය කොල්ලකාලා

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අනුරාධපුර ජයසිරිපුර පදිංචි නිමි ඇදුම් ආනයනය කර බෙදා හැරීමේ ව්‍යාපාරකයක නිරතව සිටින පුද්ගලයෙකුගේ නිවසකට කඩා වැදී ඔහුට අමානුෂික ලෙස පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා මෝටර් රථයක් සමඟ රුපියල් 49,000ක් වටිනා ජංගම දුරකතනයක් පැහැරගත් 06 දෙනෙකුගේ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

    මෙම වාහනය පැහැරගෙන ගොස් ඇත්තේ වාහනය පවරා ගැනීමේ පෝරමයකටද බලහත්කාරයෙන් අත්සන්කර බව මේ සම්බන්ධයෙන් පසුගිය 19 වෙනිදා අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක්කරමින් එස්.එම්.එම්. පිරිදවුස් (40) නැමැති ව්‍යපාරිකයා සදහන්කර ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිය නිවසට කඩා වැදුණු අය අතර සිටි දෙදෙනෙකුව මෙම ව්‍යාපාරිකයා හදුනාගෙන තිබේ. ඒ අතර අලී නැමැති අයෙක් සහ ෆාහීම් නැමැති අයෙක් සිටින බවත් ඔවුන් දෙදෙනා නමින් දැන හදුනාගෙන සිටියද ඉන්න ස්ථානයක් ගැන නිෂ්චිත තොරතුරු මෙම ව්‍යාපාරිකයා නොදැන සිටින බවත් පොලීසිය කියයි.

    පැමිණිලිකාර ව්‍යාපාරිකයා නිතර ඉන්දියාවට ගොස් රෙදි පිළි ඇතුළු භාණ්ඩ රැගෙන එන බවත් ෆාහීම් නැමැත්තාව ඔහු හදුනාගෙන ඇත්තේ එම ගමන් බිමන් වලදී බවත් විමර්ශන වලින් හෙළිවී ඇත. ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත්තේ ෆාහීම් නැමැත්තා දෙහිවල පදිංචිව සිටින බව තමාට පවසා ඇති බවය.

    අලී නැමැති පුද්ගලයාව තමා හඳුනන්නේ ෆාහීම් මගින් බවද පැමිණිලිකාර ව්‍යාපාරිකයා පවසා තිබේ. ෆාහීම් නැමැත්තා පසුගිය දිනක ඔහුගේ මිතුරා වන අලී නැමැත්තාට අයත් රුපියල් ලක්ෂ 59ක මුදලක් තමාගේ බැංකු ගිණුමකට බැර කර එම මුදල් උණ්ඩියල්කර ඉන්දියාවට යවන ලෙස තමාට පැවසූ බවද පැමිණිලිකාර ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත. තමා එවැනි දේවල් නොකරන බව පවසා ගිණුම්ගතකර තිබුණු මුදල බැංකුවෙන් රැගෙන ෆාහීම්ට ලබාදුන් බවද මෙම ව්‍යාපාරිකයා පවසා තිබේ. එහෙත් එම මුදල් ෆාහීම් විසින් අලී නැමැත්තාට ලබාදී නැති බවත් ඔහු තමාගෙන් මුදල් ඉල්ලා කරදර කළ බවත් පැමිණිලිකාර ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත.

    පොලීසිය පවසන්නේ පසුගිය 19 වෙනිදා මෙම ව්‍යාපාරිකයාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අලී සහ ෆාහීම් ඇතුළු පිරිසක් කඩා වැදී මෝටර් රථය පැහැරගෙන ගොස් ඇත්තේ මෙම උණ්ඩියල් ගණුදෙනුව මුල්කරගෙන බව පෙනී යන බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img