ශ්‍රී දළදා සමිඳුන්ට අපහාසාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ විසින් විවෘත අධිකරණයේ දී කොන්දේසි විරහිතව සමාව අයැද තිබේ.
මෙම සමාව අයදීමෙන් පසු ඊට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.
සේපාල් අමරසිංහ විසින් කර තිබූ එම අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ලද පැමිණිලිවලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.