තවත්
    මුල් පිටුවspecialබයිඩන් හදිසියේම යුක්‍රේනයට

    බයිඩන් හදිසියේම යුක්‍රේනයට

    රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කර වසරක් සපිරීමට දින කීපයක් පවතින පසුබිමක අද දින ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් හදිසියේම යුක්‍රේනයේ සංචාරයක නිතරවී තිබේ.

    මෙම හදිසි සංචාරයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවී විශේෂී සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියානු ආක්‍රමණය “ම්ලේච්ඡ හා අසාධාරණ යුද්ධයක්” ලෙසයි.

    “වසරකට පසුවත් කියෙව් නගරය ඉතාම ශක්තිමත්ව සිටගෙන සිටිනවා,” යනුවෙන් ජනාධිපති බිඩෙන් ප්‍රකාශ කළේ මැරින්ස්කි මාලිගයේදී සෙලෙන්ස්කි හමුවීමෙන් පසුවය. එහිදී ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ යුක්රේනය නැගී සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවරයි. ඇමරිකානුවන් ඔබ සමඟ සිටින අතර ලෝකයත් ඔබ සමඟ සිටිනවා.″

    බියිඩන් යුක්රේන අගනුවර පැය පහකට වැඩි කාලයක් ගත කළේය. එහිදී ගතයුතු ඊළඟ පියවර පිළිබඳව සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා කිරීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඉන් අනතුරුව යුද ගැනීම් වලින් ජීවිත අහිමි වූ සොල්දාදුවන්ට ගෞරව කිරීමත් යුද්ධයෙන් විනාශ වූ රටේ එක්සත් ජනපද තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය හමුවිය.

    එක්සත් ජනපද ජනාධිතිවරයාගේ මෙම සංචාරය ඉතාම තීරණාත්මක මොහොතක සිදු වූ අතර එහිද යුක්‍රේනයට බටහිර රාජ්‍යන්ගේ සහය ලබා ගැනීමටද මෙම සංචාරය වැදගත් වනු ඇති බවටද විශේසඥයින් පෙන්වා දෙයි. එහිදී පොරෝනදු වූ ආයුධ ලබා දීමටත් ප්‍රහාර යානා ලබා ගැනීමටත් යුක්‍රේන ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img