තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දය ගැන මැකොස උසාවියට දන්වයි

    ඡන්දය ගැන මැකොස උසාවියට දන්වයි

    පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක් කර තිබේ.

    ඒ, ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි මැතිවරණය පැවැත්වීමට නොහැකි වන ලෙස එම කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව ය.

    නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණ කොමිසම විසින් ප්‍රතිඥාවක් ලබාදී තිබුණි.

    එම ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බව මැතිවරණ කොමිසම අධිකරණයට පෙන්වා දී තිබේ.

    ලබන 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img