තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වීරකැටියේ ඝාතනයට හේතුව එළියට

    වීරකැටියේ ඝාතනයට හේතුව එළියට

    මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකුගේ කණ්ඩායමක් වීරකැටිය ගුරුගොඩැල්ල හකුරුගොඩ පිහිටි වාහන අලුත්වැඩියා කරන ගරාජයක හිමිකරුවෙකුට අද (19) පෙරවරුවේ ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනයකර පළාගොස් ඇත්තේ 2013 වසරේ දී දකුණේ පාතාලයේ ප්‍රබලයෙක්වූ බැදිගම උක්කුවාට වෙඩි තැබීමට සම්බන්ධ කල්ලියම බව හෙළිවී තිබේ.

    ඔවුන් විසින් ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනයකර ඇත්තේ අතුල රත්නායක (53) නැමැති අයෙකි. මෙම ගරාජ් හිමිකරුට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ ඔහුගේ වැඩිමහල් සහෝදරියගේ පුතා බව අනාවරණය වී ඇත. වෙඩි 100ක් ඔහුව ඉලක්කර තබා ඇති බවද පොලීසිය කියයි.

    සිඟිති කළුවා යමින් හදුන්වන මෙම අපරාධකරු සිය මාමාට වෙඩි තබා ඝාතනයකර ඇත්තේ ඝාතන ප්‍රයත්න හතර පහකින් පසුවය.

    2013 වසරේදී බැදිගම උක්කුවා නැමැති අපරාධකරුව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිඟිති කළුවාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. එම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ සිය මාමා වන අතුල රත්නායක විසින් පොලීසියට ඔත්තුවක් දී බවට සැකකරමින් ඔහුව මෙසේ වෙඩි තබා ඝාතනයකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙයට පෙර අවස්ථාවකදී ටී 56 අවියක් රැගෙන ඔහු සිය මාමාව ඝාතනය කිරීමට සූදානමින් සිටියදී පොලීසියට හසුවී තිබුණි. එදාත් ඔහුව පොලීසියට හසුකර දී ඇත්තේ මාමා බවට සැකකරමින් ඔහු සඟ බැදි වෛරය වැඩිවී තිබෙන බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    ඝාතනයට ලක්වූ පුද්ගලයාද යහපත් චරිතයක් නොවන බවත් ඔහුට එරෙහිවද මිනිස් ඝාතන චෝදනාවක් ඇතුළු අපරාධ චෝදනා කිහිපයක්ම ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img