fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර ලේඛනවලින් ඩ්‍රෝන් යැවූ තරුණයෙක් CID අත්අඩංගුවට

    හොර ලේඛනවලින් ඩ්‍රෝන් යැවූ තරුණයෙක් CID අත්අඩංගුවට

    ව්‍යාජ ලෙස සකස්කළ අවසර පත්‍ර ළඟ තබාගෙන ඩ්‍රෝනා යානයක් ළග තබාගෙන ගුවන්ගත කළ තරුණයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

    සී.එම්. හෙට්ටිආරච්චි (25) නැමැති මෙම තරුණයා අංගොඩ, ගොතටුව පතන්වත්තේ පදිංචිකරුවෙකි.

    ඩ්‍රෝනා යානා ක්‍රියාකරවීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මගින් නිකුත්කරන ආරක්ෂක නිෂ්කාශන සහතිකයක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙක් බලපත්‍රයක් අවශ්‍ය බව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම තරුණයා එම බලපත්‍ර නිසි ලෙස ලබා නොගෙන ව්‍යාජ ලෙස සකස් කළ බලපත්‍ර ළග තබාගෙන වංචනිකව ඩ්‍රෝනා යානාව ක්‍රියාකරවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම යානාව ගුවන්ගත කළ අවස්ථාවකදී ඒ ගැන පොලීසිය විමසිලිමත් වූ අවස්ථාවක ඔහුු මෙම ව්‍යාජ ලේඛන පෙන්වා පොලීසිය පවා නොමග යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මෙම ඩ්‍රෝනා යානාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත. මෙම තරුණයා විවිධ ආයතනවලට මෙම යානාවෙන් වීඩියෝ දර්ශන ලබාදී තිබෙන බවත් විවහා මංගල සහ උත්සව අවස්ථා රූපගතකිරීම් සඳහා මෙම යානය යොදා ගෙන ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.