තවත්
    මුල් පිටුවspecialඅවාරයේ අභිෂේක ලැබූ කැළණියේ කුමාරයා

    අවාරයේ අභිෂේක ලැබූ කැළණියේ කුමාරයා

    ඓතිහාසික සෙංකඩගල නුවර පුරා මේ වනවිට වීථි සරන ජනරජ පෙරහැරෙහි ‘රාජ්‍ය ලාංජනය’ රැගෙන යාමට භාග්‍යවන්ත වී ඇත්තේ අද දින සිය දිවියේ ප්‍රථම වරට මහා වාහල්කඩින් ඇතුළට පියමං කළ කැළණිය රාජමහා විහාරයට අයත් ‘කණ්ඩුල’ ඇත් රාජයායි.

    ඒ අනුව සවස 6.30 ට රාජ තේජස් ලීලාවෙන් ජනරජ ලාංජනය දරාගෙන මහා වාහල්කඩ දොරටුවෙන් කණ්ඩුල ඇතු ගමන් ඇරඹි ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.

    දෑල හස්තීන් ලෙස රත්නසිරි අරංගල්ල මහතාට අයත් ගැමුණු හස්තියාත් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට අයත් කණ්ඩුල හස්තියාත් ගමන් කරති.

    කණ්ඩුල ඇත්රජා කැළණිය මහාවිහාරයට ලැබී ඇත්තේ තායිලන්තයෙන් ත්‍යාගයක් ලෙසයි.

    සිව්වැනි වතාවට මෙවර පවත්වන ලබන ජනරජ පෙරහැර 75 වැනි නිදහස් දිනට සමගාමීව මෙවර පවත්වනු ලබන්නේ වසර 35කට පසුවයි.


    කැළණිය රජ මහා විහාරයේ කණ්ඩුල හස්තියා
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img