තවත්
    මුල් පිටුවspecialතුර්කි භුකම්පාවෙන් අතුරුදන් පාපාන්දු තරුවගේ සිරුර හමුවෙයි

    තුර්කි භුකම්පාවෙන් අතුරුදන් පාපාන්දු තරුවගේ සිරුර හමුවෙයි

    ඝානා ජාතික පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සු ගේ දේහය තුර්කියේ භූමිකම්පාවෙන් සති දෙකකට පමණ පසු ඔහුගේ නිවසේ සුන්බුන් තුල සිරවී තිබියදී සෙයා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.

    අට්සුගේ සිරුර සිය නිවසේ සුන්බුන් අතර සිරවී තිබියදී සොයා ගැනීමට සමත් වූ බවට ඔහුගේ නියෝජිතයා විසින්ද අද පසුවරුවේදී මාධ්‍ය වෙත නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීය.

    31 හැවිරිදි අට්සූ ඝානා ජාත්‍යන්තරය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් කීපයක්ම නියොජනය කළේය. ඉකුත් පෙබරවාරි 6 වැනිදා සිදුවූ භූකම්පනයෙන් පසු අට්සූ පිළිබඳ කිසිඳු තොරතුරක් වාර්තා නොවූ අතර බැවින් ඔහු සොවීමට බොහෝ පිරිසක් උත්සහ කළහ.

    “අපගේ දුක විස්තර කිරීමට වචන නැත,” ඔහුගේ තුර්කයේ ඔහු නියේජනය කළ ක්‍රිඩා සාමාජය වන Hatayspor ට්ටිටර් සටහනක් තබමින් සඳහන් කළේය.

    “අපි ඔයාව අමතක කරන්නේ නැහැ, අට්සු, ඔබ ඉතාම සුන්දර පුද්ගලයෙක්, ඔබට සාමය ලැබේවා.” යනුවෙන්ද එහි සඳහනක් තිබිණි.

    භූමිකම්පාව සිදුව ඉතා කාලයක් තුල Hatayspor ක්‍රීඩා සමාජය සඳහන් කර සිටියේ අට්සු නිර්පද්‍රිතව සිිටන බවත් ඔහුට සුළු තුවාල සිදුව ඇති බවයි. කෙසේ වෙතත් දිනක් ගතවෙත්දී එම ප්‍රකාශය ඉවත් කර ගැනීමට ක්‍රීඩා සමාජය පියවර ගෙන තිබුනේ අට්සු පිළිබඳ තොරතුරු සානාථ කර ගැනීමට අපහොසත් වීමත් සමඟයි.

    Hatay හි සිටි අට්සුගේ නියෝජිතයා විසින් අද පස්වරුවේ ට්විටර් හි සටහනක් තබමින් සඳහන් කර සිටියේ “අද උදෑසන ක්‍රිස්ටියන් අට්සුගේ දේහය කණගාටුදායක ලෙස ගොඩගත් බව සියලු දෙනාහට ප්‍රකාශ කිරීමට ඇත්තේ දැඩි කණගාටුවකින් යුතුව යි.″

    “ඔහුගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ යාච්ඤා සහ සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”
    දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ භූමිකම්පාව සහ පසු කම්පන නිසා 40,000 කට වැඩි පිරිසක් මිය ගිය බව දන්නා කරුණකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img