fbpx
තවත්
    මුල් පිටුවspecialCISM බීච් වොලිබොල් තරගාවලියේ පිරිමි-කාන්තා ශුරතාවය ප‍්‍රංශයට

    CISM බීච් වොලිබොල් තරගාවලියේ පිරිමි-කාන්තා ශුරතාවය ප‍්‍රංශයට

    ප‍්‍රථම වරට සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව, මීගමුව වෙරළතිරයේ දී පසුගිය 17 වැනිදායින් අවසන් වූ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබොල් තරගාවලියේ පිරිමි සහ කාන්තා යන දෙඅංශයේම ශූරතාවය දිනාගැනීමට ප්‍රංශය සමත් වෙයි.

    පිරිමි අංශයේ අවසන් තරගය සදහා ජර්මනිය හා ප‍්‍රංශය තරග වැදුණු අතර කාන්තා අංශයේ අවසන් තරගය සදහා ශ‍්‍රි ලංකා කණ්ඩායම හා ප‍්‍රංශ කණ්ඩායම තරග වැදුණි.

    එහිදි වට 2ට 1 ක් ලෙස පිරිමි ශූරතාවය ජර්මනි කණ්ඩාය පරදා ප‍්‍රංශ කණ්ඩායම විසින් දිනාගත් අතර කන්තා අංශයේ ශූරතාවය වට 2ට 0 ක් ලෙස ශ‍්‍රි ලංකාව පරදා ප‍්‍රංශ කණ්ඩායම දිනාගන්නා ලදි.

    මෙම තරගාවලියේ මුලිකවටයේ තරග සදහා ප‍්‍රංශයෙ, ජර්මනියල, නෙදර්ලන්තය, ඔිමානය, සවුදි අරාබියාව, කොලොමිබියාව හා ශ‍්‍රි ලංකාව යන රටවල් නියෝජනයකරමින් පිරිමි ක‍්‍රිඩා කණ්ඩාම් 15ක්ද, කාන්තා ක‍්‍රීඩා කණ්ඩයම් 06ක් වශයෙන් තරග වැදිම සිදුකරන ලදි

    මෙම තරගාවලිය සදහා ලෝකයේ ශ්‍රේණිගත කිරිමිහි ප‍්‍රමුඛස්ථානයේ සිටින ක‍්‍රිඩික ක‍්‍රිඩිකාවන් රැසක් සහභාගිවි විය.

    මෙහි පුර්ණ සංවිධානය ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ, යුද හමුදාධිපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාධිපති වයිෂ් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරාගේ සහයෝගය ඇතිව ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සිදුකරන ලදි.

    2023 පෙබරවාරි මස 12 වන දින ආරමිභක උත්සවය කටුනායක ගුවන් හමුදා මුලික කදවුරේදි පවත්වනු ලැබීය.

    ඡාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) මගින් සිවිවන වරටත් සංවිධානය කරනු ලැබු වෙරළ වොලිබෝල් තරගාවලිය ශ‍්‍රි ලංකාවේ දී පැවැත්වුණේ ප‍්‍රථම වරට ය.

    මෙහි තරග 2023 පෙබරවාරි මස 13 වන දින සිට 17 වන දින දක්වා මීගමුව වෙරළතිරයේ පවත්වන ලදි.

    මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කළේය.

    ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබොල් තරගාවලියේ සංවිධායක කමිටු සභාපති එයාර් වයිස් මාර්ෂල් නිෂාන්ත තිලකසිංහ මහතා ඇතුළු නිළධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

    ‘ක‍්‍රිඩාව තුලින් මිත‍්‍රත්වය’ යන්න තේමා පාඨය කරගත් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින බෙල්ජියම ඩෙන්මාර්කය ප‍්‍රංශය ලක්සමිබර්ග් යන යුරෝපීය රටවල් මුලිකත්වයෙන් ආරම්භ කර ඇත.

    මේ වන විට එය ලෝකයේ විශාලතම බහුවිධ සංවිධානයක් ලෙස හැදින්විය හැක.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.