තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ඡන්දෙට දෙන්න සල්ලි නෑ' - මුදල් ලේකම් මැකොසට දන්වයි

    ‘ඡන්දෙට දෙන්න සල්ලි නෑ’ – මුදල් ලේකම් මැකොසට දන්වයි

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ජාතික මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

    පවතින මූල්‍ය තත්ත්වය හේතුවෙන් මැතිවරණයට මුදල් ලබාදීම දුෂ්කර බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදුකළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

    අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පමණක් මුදල් වෙන් කිරීමට රජය ගෙන ඇති පරිපාලනමය තීරණය ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී සිහිපත් කර තිබේ.

    එහෙත් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස මැතිවරණය නම්කොට නැත.

    පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල් දැමූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කළේය.

    පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූණි.

    රජයේ මුද්‍රණාලය වෙතින් තැපැල් ඡන්ද පත්‍රිකා නොලැබීම හේතුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල් දමා ඇති බව කොමිසම අනාවරණය කර තිබුණි.

    ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ලබාදී නොමැති නිසා තම ආයතනයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි වී ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය අනාවරණය කළාය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img