fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකාව ඉන්දියාවට විකුණන්න පොරකන අලුත්ම ප්‍රහාරක යානාව

    ඇමරිකාව ඉන්දියාවට විකුණන්න පොරකන අලුත්ම ප්‍රහාරක යානාව

    ඉන්දියාව සිය සාම්ප්‍රදායික ප්‍රහාරක ගුවන් යානා ගැණුම්කරු වන රුසියාවෙන් දුරස් කිරීමේ අපෙක්ෂාවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් තම වඩාත්ම දියුණු නවීනතම ප්‍රහාරක ජෙට් යානය වන එෆ් 35 යානය ඉන්දිය බලධාරීන්ට ප්‍රදාර්ශනය කිරීමට කටයුතු කර ඇත.

    ලොව ප්‍රබල ගුවන්යානා නිෂ්පාදකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ගුවන් සංදර්ශනයට මෙම නවීනතම ගුවන්යානය ගෙන ඒම සිදුකර ඇති අතර ඊට අතිරේකව එක්සත් ජනපදය භාවිතා කරන ප්‍රබල ප්‍රහාරක යානාවක් වන එෆ් 16 සහ සහ B-1B බෝම්බ හෙලන යානාද ඉන්දියාවට ගෙන එන ලදී. .

    කළාපීය වශයෙන් එල්ලවන තර්ජනයන් හමුවේ සිය යුධ ශක්තිය වර්ධනය කර ගැනීමට සෝවියට් යුගයේ ප්‍රහාරක යානා නවීකරණය කිරීමේ නිරතව සිටින ඉන්දියාවට යම් බලපෑමක් කිරීමට එක්සත් ජනපදය මෙහිදී උත්සහ දරමින් සිටියි.

    මේවන විට පවතින යුක්‍රේන යුද්ධයත් සමඟින් ඉන්දියාවට අවශ්‍ය සැපයුම් කිරීමට රුසියාවට යම් බාදවක් ඇතිව තිබෙන බැවැන් එයින් උපරිම ඵල නෙලා ගැනීමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බවට ඉතා පැහැදිලිය.

    මෙහිදී ඉන්දීය නාවික හමුදාවේ නවතම ගුවන්යානා ප්‍රවාහක නෞකාවන් සඳහා බෝයිං සමාගම විසින් නිෂ්පාදිත එෆ් ඒ 18 සුපර් හොනට් යානා ලබාදීමත් ඉන්දියාව සඳහාම නිෂ්පාදිත එෆ් 16 ගුවන්යානයේ වැඩි දියුණු කළ යානාවක් වන එෆ් 21 යානාද ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය උත්සුක වී ඇත.

    එහිදී එෆ් 21 යානා 2019 වර්ෂයේ සිටම ඉන්දියාවට ලබාදීමට එක්සත් ජනපදය උත්සුක වුවද ඊට ධාන්තම ප්‍රතිචාරයක් ඉන්දියාවෙන් නොලැබිණි. ඉන්දියාව එක්සත් ජනපද ආකර්ෂණ පද්ධිත බහුල වශයෙන් යොදා ගත්තද මෙතක් එක්සත් ජනපදයේ නිෂ්පාදිත ප්‍රහාර යානා භාවිතා නොකිරීමට වගබලාගෙන තිබිනි.
    මීට මූලිකම හේතුව වූයේ ඉන්දියාව සහ පාකිෂ්තාන අතර උණුසුම් තත්ත්වයක් පැවැති සමයේදී එක්සත් ජනපදය විසින් පාකිස්ථානයට එෆ් 16 යානා ලබාදීමයි. එහිදී ඉන්දියාව රුසියානු ප්‍රහාරක යානා යොදා ගත් අතර එය අද වන විටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉන්දියාව කටයුතු කිරීමට විශේෂත්වයකි.

    කෙසේවෙතත් ඉන්දියාවට තවමත් පස්වන යුගයේ ප්‍රහාරක යානාවක් නොමැති අතර එය එරට ආරක්ෂක තත්ත්වයේ යම් මදිපාඩුවක් ලෙසටද ඇතැම් ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙහිදී එම විශ්ලේෂඛයින් පෙන්වා දෙන ප්‍රධානතම කාරණයක් වන ඉන්දියාවට ප්‍රබලතම බලපෑමක් එල්ල කරන චීනය සතුව පස්වන යුගයේ ප්‍රහාරක යානා සතු වීමයි.

    මෙම පස්වන යුගයේ ප්‍රහාරක යානා වලට බොහෝ අවස්ථාවලදී රේඩාර් පද්ධති මඟහරිමින් සිය ඉලක්ක වෙත ලඟා වීමට හැකියාව පවතී එමෙන්ම එම යානාවන නවතම තාක්ෂණික උපාංග පවතින අතර මගින් සතුරු යානා දුර සිටම හඳුනා ගැනීමටත් හැකියාව පවතී.

    කෙසේ වෙතත් ඉන්දීය ගුවන් හමුදාව තවමත් පස්වන යුගයේ ප්‍රහාරක යානා සිය ගුවන් බලයට එක්කර ගැනීමට අපෙක්ෂා නොකරන බවද මීට කලකට පෙර එරට ගුවන් හමුදා ප්‍රධානීන් පවසා තිබිණි. ඒ අනුව එක්සත් ජනපදය සිය නවීනතම යානාව ප්‍රදර්ශනය කළත් එය ඉන්දියාවේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත්දැය තවමත් තහවුරු කිරීමට නොහැකි වී තිබේ.

    කෙසේ වෙතත් තවමත් ඉන්දියාව සිය ප්‍රහාරක යානා ප්‍රධාන සැපයුම්කරුවා බවට පත්කරගෙන සිටින්නේ රුසියාවයි. එහෙත් පසුගිය කාලයේදී ඉන්දියාව විසින් ප්‍රංශයේ නිෂ්පාදිත රෆාල් යානා තිහකට අධික සංඛ්‍යාවක් මිලදී ගැනීමට පියවර ගෙන තිබිණි.

    මෙම තත්ත්වය හමුවේ ඉන්දීය ගුවන් හමුදාව මෑතකදී පස්වන යුගයේ ගුවන්යානා වලින් සන්ද්ධ වනු ඇති බවට අපෙක්ෂා කිරීමට අපහසුය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.