මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලය අද පොලිසිය විසින් අධිකරණ නියෝගයක් මත මුද්‍රා තැබීම සම්බන්ධයෙන් ඔහු විසින් වීඩියෝ හමුවක් ඔස්සේ අද පස්වරුවේ මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබේ.
ඔහු එහිදී කියා සිටියේ තුන්වැනි පාර්ශ්වයක් විසින් තමාට ගැටලුවක් ඇති කිරීමට උත්සාහයක් තිබුණේ නම්, ඊට පෙර මෙවන් ක්‍රියා මාර්ගයක් ගැනීම පිළිබඳ පොලිසියටත් දේශපාලන අධිකාරියටත් තමා ස්තූතිවන්ත වන බවයි.
“මගේ ඔෆිස් එක තියෙන්නේ කොළඹ 3 මර්චන්ට් ගොඩනැගිල්ලේ. ඊයෙ ඔය සාකච්ඡාව ඇතිවෙන වෙලාවේ ජනාධිපති කාර්යාලයේ දී ප්‍රකාශයක් කරලා තිබ්බා මගේ ඔෆිස් එක සීල් කරන්න ඕන කියලා. ඊයේ කිවුවා වගේම අද ගරු අධිකරණය විසින් නියෝගයක් දීලා තියෙනවා. එම නියෝගයත් සමහරු අර්ථකථනය කරන්නේ වැරදි විදිහට. නියෝගයේ තියෙන්නේ මෙහෙමයි.
කොළඹ 3 මර්චන්ට් ගොඩනැගිල්ලේ පිහිටි සභාපතිවරයාගේ කාමරයේ ඇති රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ලේඛන ගොනු අස්ථානගත කිරීමට සහ විනාශ කිරීමට ඉඩකඩක් තුන්වෙනි පාර්ශ්වය තුන්වැනි පාර්ශවයක ඇති බව කොල්ලුපිටිය පොලිසියට අනාවරණය වෙලා කොල්ලුපිටිය පොලිසිය විසින් ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් කරලා තියෙනවා මේ විමර්ෂණය අවසාන වන තුරු මගේ නිල කාමරය මුත්‍රා තියලා පොලිස් ආරක්ෂාව යටතේ තියාගන්න. ඒ වගේම මම ලංකාවට ආපුවම මගේ ඉදිරියේදී මගේ කාර්යාලය ඇරලා ඒ තියෙන ලිපි ලේඛන පිළිබඳ පරීක්ෂණයක් කිරීමට.
මම හිතන්නේ මේ ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. මොකද මම රාජ්‍ය නිලධාරියෙක්. මම ස්වාධීන කොමිසමක සභාපතිවරයෙක්. මගේ ඔෆිස් එකේ තියෙන හැම දෙයක්ම රජයට අයිතියි. හැබැයි මේසෙයි පුටුවයි මම අරන් ගියේ. මොකද ඔය රජයේ කාර්යාල වල මේස පුටුවල මම කවදාවත් ඉඳගන්නේ නෑ.
තුන්වැනි පාර්ශ්වයක් විසින් මගේ ඔෆිස් එකට ඇවිත් මොනාහරි දාලා මාව අවුල් කරන්න හැදුවා නම්, ඒක වලක්වපු එක ගැන මම පොලිසියේ ස්ථානාධිපති තුමාටත් දේශපාලන අධිකාරියටත් ප්‍රණාමය පුද කරනවා. නැතිනම් මම එනකොට මොකක් හරි දාලා තියලා මාව ඇල්ලුවොත් එහෙම වැරදි දේකට ඒකට මටම මුහුණ දෙන්න වෙනවනේ.” යයිද ජනක රත්නායක මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.