fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවශ්‍ය පොලිස් ආරක්ෂාව නෑ -ඡන්ද පත්‍රිකා මුද්‍රණය කොට උඩ

    අවශ්‍ය පොලිස් ආරක්ෂාව නෑ -ඡන්ද පත්‍රිකා මුද්‍රණය කොට උඩ

    ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ ආරක්ෂාව වෙනුවෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් 60 දෙනෙකුගෙන් යුත් පොලිස් නිලධාරී කණ්ඩායමක් අවශ්‍ය බව දන්වා ඇතත්, මෙතෙක් ලබා දී ඇත්තේ නිලධාරීන් හය දෙනෙක් පමණි.

    මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිස් මූලස්ථානය දැනුවත් කර ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය news wave අද(17) කළ විමසීමේ දී පැවසුවාය.

    දිවා රාත්‍රි වශයෙන් ආරක්ෂාවට යෙදවීම සඳහා මෙසේ 60 දෙනෙකුගෙන් යුත් සාමාජික පිරිසක් අවශ්‍ය බව ඇය සඳහන් කළාය.

    වෙනදා පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදු වූ බවත්, එසේ නොමැතිව සිය රාජකාරි කිරීම ගැටලු සහගත බවත් මුද්‍රණාල සේවක පිරිසක් මුද්‍රණාලාධිපතිනියට දන්වා ඇත.

    මෙම තත්වය යටතේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අඩාලවීමේ අවදානමක් මතුව තිබේ.

    පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා මැතිවරණ රාජකාරි සඳහා රජයේ අදාළ අතිරේක ගෙවීම් නිසි පරිදි නොලැබීමේ තත්ත්වයක්ද මීට හේතු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.