තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික්ක 12ක් ඩෙංගු අධිඅවදානම්

    දිස්ත්‍රික්ක 12ක් ඩෙංගු අධිඅවදානම්

    මේ මාසයේ මේ වනවිට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3637 ක් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එම ඒකකය පවසන්නේ තවදුරටත් දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක පවතින බවයි.

    කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර සහ යාපනය එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත් ය. 

    එමෙන්ම මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කෑගල්ල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img