fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලීමක්

    පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලීමක්

    පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ මුදල් සපයා නොදීම හේතුවෙන්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය කල් දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

    මුදල් නොමැතිකම නිසා මැතිවරණ කටයුතු කල් දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අහිතකර බව ලිපියක් මගින් නිදහස් නසා සන්ධානය අග්‍රාමාත්‍යවරයා වෙත අවධාරණය කර සිටී.

    මෙම තත්ත්වය කළමනාකරණයට අවශ්‍ය පියවර ගැනීම  ව්‍යවස්ථාදායකය ලෙස පාර්ලිමේන්තුවේ වගකීමක් බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස එම සන්ධානය ඉල්ලා සිටී.

    දැනට පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනි දා ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.