බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් ආශ්‍රිතව සිදුවූ වකුගඩු ජාවාරමට සම්බන්ධව පරික්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය එම ජාවාරමට සම්බන්ධයෙන් අදාල රෝහලේ රියදුරෙක් සහ ග්‍රාම නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ග්‍රාම නිලධාරියා දෙහිවල ඇන්ඩර්සන් පාරේ පදිංචිකරුවෙක් වන මරදාන ග්‍රාම නිලධාරීයරයාය.
රෝහල් රියදුරා මතුගම , බදුගම පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පවසන්නේ මෙම රියදුරා වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් සමඟ සමීපව කටයුතු කරමින් මුදල් ගණුදෙනුවලට සම්බන්ධව සිට ඇති බවය.
මෙම සැකකරුවන් දෙදෙනා අද අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.