fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුර්කි භූ කම්පනයෙන් අතුරුදන් ශ්‍රී ලාංකික කතගේ සිරුර හමුවෙයි

    තුර්කි භූ කම්පනයෙන් අතුරුදන් ශ්‍රී ලාංකික කතගේ සිරුර හමුවෙයි

    තුර් කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 29,000 ඉක්මවා තිබේ.

    මෙතෙක් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවද ඒ අතර සිටින බව අද තහවුරු වී ඇත.

    ඇය අවුරුදු 64 ක් වන ගලගෙදර , මීගහහේන ප්‍රදේශයේ පදිංචිව තැනැත්තියක් බව තුර් කියේ ශ්‍රී ලංකා තානාපති , හසන්ති උරුගොඩවත්ත මහත්මිය සඳහන් කළාය. ඇය වසර 20ක පමණ කාලයක් තිස්සේ තුර් කියේ රැදී සිටින තැනැත්තියක් බවද තානාපතිනිය පැවසුවාය.

    තුර්කි ආරක්ෂක අංශ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුර දී මෙම සිරුර හමුවූ බව බවද ඇය සඳහන් කරන්නීය. ඇගේ මළ සිරුර හදුනාගෙන ඇත්තේ දියණියක් විසිනි. එම දියණිය සිය මව සිටි ප්‍රදේශයට පැමිණ මළ සිරුර හදුනාගෙන ඇති බව සඳහන්ය.

    භූකම්පනය සිදුවූ ප්‍රදේශවල ශ්‍රී ලංකිකයින් 16 දෙනෙකු රැඳි සිට ඇති අතර ඉන් 14ක් ශිෂ්‍යයින්ය. මෙම භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ බවට මේ වන විට වාර්තා වී ඇත්තේ මළ සිරුර සොයාගත් කාන්තාවගේ පමණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.