fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මධුෂ්ගේ ඩුබායි පාටියේ සිටි සුරේෂ් කේරල ගංජා සමඟ දැලේ

    මධුෂ්ගේ ඩුබායි පාටියේ සිටි සුරේෂ් කේරල ගංජා සමඟ දැලේ

    මාකදුරේ මධුෂ් නැමැති පාතාල අපරාධකරුගේ දියණියගේ ඩුබායි සාදයට ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකුවන සුරේෂ් වසන්ත නොහොත් කොලොන්නාවේ සුරේෂ් නැමැත්තා කේරල ගංජා කිලෝ 12ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

    දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් වන ඔහු ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ යාපනයට රැගෙන එන කේරල ගංජා දකුණේ බෙදා හරින නියෝජිතයෙක් ලෙස කටයුතු කරමින් සිටින බවට විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කාලයක් තිස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

    ඒ ඔහු පදවාගෙන පැමිණි පොල් පැටවූ ලොරියක් බෝමිරිය නුගගහවත්ත පාර අඹ සෙවන හෝටලය අසලදී පරීක්ෂාකරය. පොල් ගොඩ අස්සේ ඔහු ගංජා තොගය සඟවා තිබුණු බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

    මෙම සැකකරුට ගංජා ලැබෙන්නේ යාපනයේ සිටින වික්ටර් නැමැති පුද්ගලයෙකුගෙන් බවත් ඉන්දියාව හා යාපනය අතර මුහුදු මාර්ග ඔස්සේ කේරල ගංජා ප්‍රවාහනය කෙරන ජාවාරම සිදු කෙරන්නේ ඔහු බවටද තොරතුරු මේ වන විට හෙළිවී තිබේ.

    මෙම සැකකරු ගොඩ කොලොන්නාවේ පදිංචිකරුවෙක් බවත් 48 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව ගංජා තොගය සමඟ නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.