තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනියම් පෙමට තිත තැබූ පෙම්වතියට පෙම්වතාගෙන් ඇසිඩ් ප්‍රහාරයක්

    අනියම් පෙමට තිත තැබූ පෙම්වතියට පෙම්වතාගෙන් ඇසිඩ් ප්‍රහාරයක්

    අනියම් පෙම් සම්බන්ධතාවක් නවතා දැමුවේ යැයි උරණ වූ පෙම්වතෙකු සිය පෙම්වතියගේ නිවසට පැන ඇයව දූෂණය කර ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමක් සම්බන්ධයෙන් සිරිපාගම පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ ගිලිමලේ ඉදුරුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තිදරු මවකි.

    මෙම කාන්තාවගේ සැමියා යුද හමුදාවේ විශ්‍රාමික සෙබලෙකි. අනියම් සැමියා අවිවාහකයෙකි. ඔහු වෘත්තියෙන් තේදළු එකතුකරන්නෙක් බව පොලීසිය සඳහන් කරයි.

    වසර 04ක් තිස්සේ දෙදෙනා අතර අනියම් පෙමක් තිබී ඇති බව සඳහන්ය. සැමියාට මෙම අනියම් ඇසුර ගැන ඉවවැටී ඇති බැවින් ඇය ඊට බියට පත්ව අනියම් ඇසුර නතරකර ඇත. ඒ ගැන උරණ වූ පෙම්වතා ඇගේ සැමියා වැඩිමහල් දරුවන් දෙදෙනාව ඊයේ උපකාරක පංති රැගෙන ගිය අවස්ථාවේදී නිවසට පැන ඇයව දූෂණය කර ඇසිඩ් ගසා ඇති බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img