තවත්
    මුල් පිටුවදේශීය පුවත්අධිකරණ විනිසුරුවරයෙකු සිරකර නිල මෝටර් රථ ය පැහැරගනී

    අධිකරණ විනිසුරුවරයෙකු සිරකර නිල මෝටර් රථ ය පැහැරගනී

    කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නිල මෝටර් රථය ඊයේ සවස පැහැරගැනීමකට ලක්ව ඇත.

    ඒ මහේස්ත්‍රාත්වරයාගේ මඩපාත පිහිටි දෙමහල් නිවස කුළියට ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු විසින් ඒ මහතාව සිය නිවසේ සිරතර තබාය.

    දැන්වීම් ඵලකරන ප්‍රසිද්ධ වෙබ් අඩවියක මහේස්ත්‍රාත්වරයා සිය නිවස කුළියට ලබාදීමට ඇති බවට දැන්වීමක් පළකර තිබී ඇත. ඒ අනුව ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් නිවස පරීක්ෂාකර බැලීමට පැමිණ මහේස්ත්‍රාත්වරයාව ඉහළ දොර වසා සිරකර මෝටර් රථය පැහැරගෙන පළාගොස් ඇති බව පොලීසිය කියයි.

    මෝටර් රථයේ යතුර මහේස්ත්‍රාත්වරයා නිවසේ පහළ මහලේ මේසයක් මත තබා ඉහළ මහලට ගිය විට එහි කාමරයක මහේස්ත්‍රාත්වරයා දමා දොර අගුල් ලා මෙම පැහැරගැනීම කර තිබේ.

    මහේස්ත්‍රාත්වරයා මේ වන විට පදිංචිව සිටින්නේ මොරටුවේය. මඩපාන පිහිටි නිවස කුළියට ලබාදීමට දැන්වීමක් පලකර ඇත්තේ එබැවිනි.

    ආරක්ෂක කැමරා දර්ශන සහ දුරකතන ජාල විශ්ලේෂණ ඔස්සේ ඉදිරි විමර්ශන පැවැත්වෙන බව පිළියන්දල පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img