fbpx
තවත්
    මුල් පිටුවspecialඋතුරු ඇමරිකානු අහසේ තවත් පියාසර වස්තුවක් බිම හෙළයි

    උතුරු ඇමරිකානු අහසේ තවත් පියාසර වස්තුවක් බිම හෙළයි

    උතුරු ඇමෙරිකානු ගුවන් සීමාවට ඉහළින් ගමන් කළ තවත් හඳුනා නොගත් වස්තුවක් බිම හෙළා ඇති බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ තහවුරු කරයි.

    නවතම හඳුනානොගත් වස්තුව “කැනේඩියානු ගුවන් සීමාව උල්ලංඝණය කළ” බවත්, එය වයඹදිග කැනඩාවේ යුකොන් ඉහළ අහසේදී වෙඩි තැබූ බවත් ඔහු පැවසීය.

    එක්සත් ජනපදයට අයත් එෆ් 22 විශේෂ ප්‍රහාරක ජෙට් යානයක් මගින් අදාල හඳුනානොගත් වස්තුව බිම හෙළීම සිදුකළ බවද කැඩනඩා අග්‍රාමත්‍යවරයා පවසා සිටි අතර බිම හෙළු වස්තුව සොයා ගැනීමට කැනේඩියානු සහ එක්සත් ජනපද ගුවන් යානා පියවර ගනිමින් සිටින බවද හෙතෙම පැවසීය.

    ඒ අනුව මෙය පසුගිය සතියේ උතුරු ඇමරිකාවට ඉහළින් වෙඩි තැබූ තුන්වන හඳුනා නොගත් වස්තුවයි. ඇමරිකානු හමුදාව පසුගිය සති අන්තයේ චීන බැලූනයක් විනාශ කළ අතර සිකුරාදා කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ නිශ්චිත නොවන වස්තුවක් ඇලස්කාවට ඉහළ අහසේදී වෙඩි තබා ඇත.

    අග්‍රමාත්‍යවරයා තහවුරු කළේ තමා අදාල වස්තුව බිම හෙළීමට නියෝගය ලබා දුන් බවත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සමඟ ඒ පිළිබඳ කතා කළ බවත්ය.

    නවතම නිශ්චය නොකළ වස්තුව මධ්‍යම යුකොන් හරහා අඩි 40,000 පමණ ඉහළින් පියාසර කර ඇති අතර සෙනසුරාදා ප්‍රාදේශීය වේලාවෙන් 15:41 ට පමණ එය ප්‍රහාර එල්ල කළ බවත් ආරක්ෂක අමාත්‍ය ඇනීටා ආනන්ද් වාර්තාකරුවන්ට පැවසුවාය.

    ඇය එය “කුඩා” සහ “සිලින්ඩරාකාර” වස්තුවක් ලෙස විස්තර කළ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බවත්වන බවත් පසුව ඒ සම්බන්ධනේ ජනතාවට දැණුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.