තවත්
    මුල් පිටුවදේශීය පුවත්පියාටත් දියණියටත් දිවි අහිමිකළ අවාසනාවන්ත අනතුර

    පියාටත් දියණියටත් දිවි අහිමිකළ අවාසනාවන්ත අනතුර

    කටුගස්තොට ඡම්බුගස්පිටිය හන්දියේදී ඊයේ සවස මාර්ගය අයිනේ ගමන්කරමින් සිටි පියෙක් සහ දියණියක් වෑන් රථයක ගැටී මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ උපකාරක පංතියක් නිමවීමෙන් සිය දියණිය නිවසට රැගෙන යමින් සිටි පියෙක් සහ දියණියයි.

    පොල්ගොල්ල පල්ලේගුන් පෑපානේ පදිංචිව සිටි ඒ.ආර්. ජයරතත්න (47) යන පුතා සහ ඒ.එම්.එම්.ධනංජනා (14) යන දියණිය මෙසේ මියගොස් ඇත.

    මිය ගිය පියා ලංකා ඛනිජතෙල් සංස්ථා සේවකයෙක් බව පොලීසිය කියයි.

    මෙම අනතුරට වගකිව යුතතු වෑන් රථ රියදුරා රාගිරිය බණ්ඩාරනායකපුර පදිංචිකරුවෙකි. ඉන්ද්‍රරත්න පෙරේරා(50) නැමැති ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහුගේ බිරිඳගේ ගම කටුගස්තොට බවත් බිරිඳගේ පියාගේ අවමගුල් උත්සවයට පැමිණෙමින් සිටියදී මෙම අනතුර ඔහු අතින් සිදුව තිබෙන බවත් පොලීසිය කියයි.

    වෑන් රථයේ තිරිංගවල ඇතිවුණු දෝෂයක් මෙම අනතුරට හේතුවී ඇති බව පෙනී ගොස් ඇතැයි පොලීසිය කියයි. මෙම වෑන් රථය පාසල් දරුවන් ප්‍රවාහනයට යොදා ගන්නා එකක් බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img